Saturday 25 August 2012

පුහුණු අභ්‍යාසය අතරතුර සෙබළා මරුට

දොඹගොඩ යුද හමුදා පුහුණු පාසලේ ආධුනික සෙබළෙකු දියේ ගිලීමෙන් මිය යාම පිළිබඳව යුද හමුදාව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා සඳහන් කළේ, පුහුණු අභ්‍යාසයකට සහභාගීවී සිටි සෙබළෙකු එම අනතුරට මුහුණපා ඇති බවයි. ඔහු ඇතුළු ආධුනික සෙබළුන් 124 දෙනෙකු ලැගුම් අභ්‍යාස පුහුණුවක් සඳහා යගිරල කැලය පිහිටි ප්‍රදේශයට ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. එහිදී බෙන්තර ගඟේ අතු ගංගාවක් හරහා පිහිනා යාමේදී අදාළ යුද හමුදා සෙබලා දියේ ගිලීමෙන් මිය ගියේය. 21 හැවිරිදි වියේ පසුවූ ඔහු රන්මිනිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිරුර සොයාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් අවසන්ව නැතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මීගහතැන්න පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment