Monday 6 August 2012

විමල්ගේ මැතිවරණ අපේක්ෂකයා රාජ්‍ය උත්සවයෙන් ඉවතට

අද පෙරවරුවේ කෑගල්ලේ පැවති රාජ්‍ය උත්සවයකට සහභාගී වී සිටි සබරගමු පළාත් සභා මැතිවරණ අපේක්ෂකයකු එම ස්ථානයෙන් ඉවත් කර තිබේ අප කළ විමසිමකදී පොලීසිය පැවසූවේ, දිස්ත්‍රික් භාර නිලධාරී කාර්යාලයේ පැමිණීලි ඒකකයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකින් ඒ පිළිබඳව තොරතුරු ලැබුණු බවයි. දිස්ත්‍රික් මැතිවරණ බලධාරීන් එම උත්සවය පැවති ස්ථානයට නියෝජිතයකු යවා අදාළ අපේක්ෂකයා උත්සවයට සහභාගී වෙමින් සිටින බව තහවුරු කරගෙන තිබේ. පොලීසිය පැවසූවේ, ඒ පිළිබඳ කරුණු දැනුම්දීමකට අනුව එහි ගොස් එම අපේක්ෂකයා උත්සව සභාවෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි. නිවාස සංවර්ධන අධිකාරිය විසින් කෑගල්ල තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයෙහි අදාළ රාජ්‍ය උත්සවය සංවිධානය කරනු ලැබූ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇත. පොලීසිය මැදිහත් වී එම උත්සවයෙන් ඉවත් කර ඇත්තේ, ජාතික නිදහස් පෙරමුණේ සාමජිකයකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සබරගමු පළාත් සභාවට තරග වදින අපේක්ෂකයෙකි.

No comments:

Post a Comment