Monday 6 August 2012

දෙපා අහිමි ඔස්කාට අවසන් තරගය අහිමියි

දෙපා අහිමි දකුණු අප්‍රිකා මලල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය. ඔස්කාර් පිස්ටෝරියස්ට මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගය නිම කිරීම සඳහා ගත වූ කාලය තත්පර 46.54කි. ඔහු එහිදී අවසන් ස්ථානයට තරගය නිම කළ අතර ඔස්කාර් ඉතිහාසයට එක් වන්නේ ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ දෙපා අහිමි පළමු ක්‍රීඩකයා ලෙසයි. මූලික තරගයේදී ඔස්කාර් තත්පර 45.68කින් සිය ඉසව්ව නිම කළේය. මීටර් 400 පිරිමි අවසන් පූර්ව තරගය සඳහා අමෙරිකානු ක්‍රීඩකයින් තිදෙනකු සහභාගී වූ අතර ඔවුන් තිදෙනාම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විම විශේෂත්වයකි.

No comments:

Post a Comment