Thursday, 9 August 2012
ලොකු ලූනු ගොවියන්ට වහා සහන ලබා දෙනු - නාමල් කරුණාරත්න
ලොකු ලොකු ගොවියන්ට වහාම සහන ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ "ලොකු ලූනු ගොවියා නගා සිටුවීමට කිසිඳු වැඩපිළිවෙලක් නැති මේ ආණ්ඩුව ලබන 15 වෙනිදා වෙනකොට ලොකු ලූනු ආනයන බද්ද වැඩිකරන්න තීරණය කරල තියෙනව කිලය ආරංචියි.
ආණ්ඩුව මේ කරන්නෙ ගොවියයි පාරිභෝගිකයයි දෙන්නම අමාරුවෙ දාන වැඩක්. තාවකාලික පැලැස්තර නවත්තල වහාම ගොවියන්ගේ නිශ්පාදන වියදම අඩුකිරීමට වැඩපිළිවෙලක් සකස් කළයුතුයි. අද වෙනකොට ලොකු ලූනු බීජ කිකිලෝවක් රුපියල් 20,000ට වැඩියි. පොහොර සහ වල්නාශක, කෘමිනාශක ආදියේ මිල ඉහළයි. ගොවියන්ට වගා බිම් සැකසීමේ කටයුතුවලට මහත් පිරිවැයක් දරන්න සිදුවෙලා. වගාවලට ජලය ගන්න පාවිච්චිකරන මැෂින්වලට දාන්න භූමිතෙල්වල මිල වැඩිකළා.
අපි ආණ්ඩුවට කියනව වහාම සහනාධර මිල බිජටික, පොහොරටික, වල්නාශකටික, කෘමිනාශකටික, භූමිතෙල් ටික ගන්න පුළුවන් වන විදිහේ වැඩපිළිවෙලක් හදල ගොකු ලූනු ගොවියගෙ නිශ්පාදන වියදම අඩුකරන්න. ඒකෙන් ගොවයාත් පාරිභෝගිකයාත් දෙන්ම ආරක්ෂාවෙනවා." යනුවෙනි.
දේශීය ලොකුලූනු වෙලඳපොළට පැමිණ ඇති ආකාරය පහත ඡායාරූපවලින් දිස්වේ
Subscribe to:
Post Comments (Atom)




No comments:
Post a Comment