Thursday, 9 August 2012

අධිකරණයේදී පුද්ගලයකු ගෙල කපා ගෙන

නුවරඑළිය මහාධිකරණය තුළදී පුද්ගලයකු ගෙල කපාගෙන තුවා‍ල සිදුකරගෙන තිබේ. ඒ අදාළ පුද්ගලයාට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව අද ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීය. මහේස්ත්‍රාත්වරයා අදාළ පුද්ගලයා වරදකරු කරමින් මරණ දඩුවම නියම කරනවාත් සමගම ඔහු කිසියම් තියුණු තලයකින් ගෙල කපාගෙන තිබේ. සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයා පසුව නුවරඑළිය මුලික රෝහලට ඇතුළත් කෙරිණ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි රැකවරණය මත ඔහු ප්‍රතිකාර ලබන බවයි.

No comments:

Post a Comment