Wednesday 12 September 2012

උතුරුමැද මහ ඇමති කවුද?

උතුරුමැද හා සබරගමුව පළාත්වල නව මහ ඇමතිවරුන් පිළිබඳව අද දිනයේ අවසන් තීරණයකට එළැඹෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. එහි මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ හෙට දිනයේ එම නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවීමට නියමිත බවයි. ප්‍රධාන අමාත්‍යවරුන් නම් කිරීමේදී ලබාගත් මනාප සංඛ්‍යාව මෙන්ම ප්‍රවීණත්වය පිළිබඳව සලකා බලන බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ අතර මැතිවරණය පිළිබඳ සමාලෝචනයක් අද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත් වේ. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ ඊට රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හා අනුරාධපුර ‍, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගී වන බවයි. මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී මැතිවරණය පැවති ආකාරය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ඉදිරියේදී ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය ‍යොමු කෙරෙනු ඇති.

No comments:

Post a Comment