Saturday 18 August 2012

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභා මැතිවරණය සදහා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම අද ආරම්භ වේ. අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සදහන් කළේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ තැපැල් දෙපාර්තමේන්තුවට ලබාදුන් බවයි. මේ යටතේ 33, 36 415 දෙනෙකු වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට නියමිතයි. ඒ අතර තැපැල් දෙපාර්ථමේන්තුව පවසන්නේ ලබන 27 වැනිදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවයි. ලබන 26 වෙනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. තැපැල් ඡන්ද සඳහා වන ඡන්ද පත්‍රිකා සහිත රක්ෂිත පැකට්ටු ලබන 20 වෙනිදා‍ තැපෑලට භාරදීමට නියමිතයි.

No comments:

Post a Comment