Saturday 18 August 2012

SLPL ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඈවර කරය

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයින් සදහා විශේෂ රාත්‍රී ප්‍රිය සම්භාෂණ පැවැත් වීම ක්‍රිකට් සූදුවේ එක් අංගයක් බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙති. අද ක්‍රිකට් මුලුමනින්ම සූදුවක් බවට පත් කොට ගෙන තිබීමේ ප්‍රතිපලයක් ලෙස මේ තත්වයන් වර්ධනය වී ඇති බවත් දැන් ඒ වලැක්විය නොහැකි යැයි ද අනාගතයේදී ක්‍රිකට් නම් ක්‍රීඩාවක් තවදුරටත් ඉතිරි නොවන ඇති බවත් ඔවුන් පෙන්වා දෙති. මේ දිනවල ඒ ඒ කණ්‌ඩායම් හිමිකරුවන් විසින් කොළඹ තරු පහේ හෝටල් කේන්ද්‍ර කරගනිමින් මැදියම් රැය පහන්වන තුරු ප්‍රිය සම්භාෂණ සංවිධානය කරනු ලබන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිළියන්ද සහභාගිවීම විශේෂත්වයක්‌ ගෙන තිබේ. කොළඹ ටාඡ් හෝටලයේදී හෝටලයක ඊයේ(15) එලෙස සාදයක් පැවැත්වී තිබෙන්නේ උතුරු පළාත් කණ්ඩායම සමගයි. එම අවස්ථාවට සුප්‍රසිද්ධ සිනමා හා ටෙලිනාට්‍ය නිළියන් මෙන්ම නිරූපිකාවන් 10 දෙනෙකුට අධික පිරිසක්‌ සහභාගි වී තිබේ. මෙම සාදයේ කාගේත් සිත් දිනා ඇත්තේ නර්ථනයට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු හා නදීශා හේමමාලී අතර පැවති රංගනයයි. මෙය මෙම කණ්ඩායමේ තෙවන ප්‍රිය සම්භාෂණ ය ද වේ. කෙසේ වෙතත් මෙලෙස තරගාවලියක් අතරතුර ක්‍රීඩකයින් රාත්‍රී ප්‍රිය සම්භාෂන සදහා සහභාගීනොවීම තරගකාරී ක්‍රීඩාවේ රීතියක්. අඩුම තරමේ තම නිවස ක්‍රීඩා පිටියට කෙතරම් සමීපව තිබුණද එහි පවා යාමට ක්‍රීඩකයින්ට අවසර හිමිවන්නේ නැත.. නමුත් ප්‍රිමිය ලීග් තරගාවලිය ඒ රීතීන් සියල්ල බිඳ ලා තිබේ. මෙම සාද සංවිධානය කරනු ලබන්නේ එම කණ්ඩායම් මිලදී ගත් ව්‍යාපාරිකයින් ය. එය ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියෙන් උකහාගත්ත කි. මෙම ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගිවීම ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ නිලධාරී සහ නිලධාරිනියන් පිරිසක්‌ද දැන් පුරුද්දක්‌ කරගෙන තිබෙන බවද සඳහන් වේ. කෙසේ වෙතත් මෙලෙස ප්‍රිය සම්භාෂණ තරගාවලිය අතරතුර පැවැත්වෙද්දී සැක කටයුතු පුද්ගලයින්ට ක්‍රීඩකයින් සමග ගනුදෙනු කිරීමට පහසුකම් සැපයීම වඩාත්ම අනතුරු දායක සිදුවීමය. පසුගියදා මෙම තරගාවලියේ ඌව කණ්ඩායමේ හිමිකරු එලෙස තරග පාවාදීමකට සම්භන්ධ බවට චෝදනාවකට ලක්ව සිටිනවා. එවන් වටපිටාවක් තුල මෙම සාද ගැටළු මතු කළ හැකි බවයි වාර්තා වන්නේ. ඉන්දීය ක්‍රීඩක රාහුල් ෂර්මා සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඇල්බි මෝකල් දෙදෙනාද මත්ද්‍රව්‍ය ලබාගත්තේ යෑයි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් එසේ මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇත්තේ අයි. පී. එල්. තරගාවලිය තුළදී පැවැති මෙවැනිම ප්‍රිය සම්භාෂණ යකදීය.

No comments:

Post a Comment