Sunday 19 August 2012

දරුවා රැකීමට පියා කළ පහරදීමෙන් මහල්ලා මරුට

බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේදී පුද්ගලයකු කළ පහරදීමකින් 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසු‍වේ, සිය දරුවාට ලිංගික අපයෝජනය කිරීම හේතුවෙන් දරුවාගේ පියා එම පුද්ගලයාට පහරදී ඇති බවයි. පහරදීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර සිටි එම පුද්ගලයා අද අලුයම මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. පහරදීමට සම්බන්ධ පියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව ‍පොලීසිය පැවසීය.

No comments:

Post a Comment