Sunday 19 August 2012

2012 ලෝක රූ රැජිණ කිරුළ පළදී

2012 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට චීනයේ යූ වෙන්සියා සමත් වූවා ය. චීනයේ ඔඩෝස්හිදී ඊයේ රාත්‍රියේ පැවති ලෝක රූ රැජිණ අවසන් මහා තරගයට ලොව පුරා රටවල් 100ක් පමණ නියෝජනය කරමින් තරගකාරියෝ සහභාගී වූවෝය. එහිදී ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළදි 23 හැවිරිදි වෙන්සියා සංගීතය හදාරණ සිසුවියකි. ගියවර ලෝක රූ රැජිණ වූ ඉවාන් සාර්කෝසි විසින් නව රූ රැජිණට කිරුළ පළදනු ලැබූවාය. චීනය ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් 2 වැනි අවස්ථාව මෙය වේ.

No comments:

Post a Comment