Saturday 25 August 2012

කොටස් වෙළඳපොළ පාලනය කරන මාෆියා කල්ලිය ගැන ලාල්කාන්ත කියයි

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න මහතා විසින් මාෆියා කල්ලිය යැයි හැඳින්වූ කොටස් වෙළඳපොළ පාලනය කරන කණ්ඩායම ලාල්කාන්ත මහතා විසින් අද (25) හෙළිදරව් කළේය. කොළඹදී පැවැති ආර්ථික ඝාතකයින්ට තවදුරටත් ඉඩ දෙමුද? යන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා මේ බව හෙළි කළේය. එම කණ්ඩායමේ දෙරණ ආයතනයේ හිමිකරු දිනිත් ජයවීර, නිමල් පෙරේරා, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන රේනද සිල්වා, නේෂන් ලංකා ෆයිනෑන්ස් අධිපති, සන්ඩේ ලීඩර් වත්මන් හිමිකරු අසංග සෙනෙවිරත්න, සොෆ්ට්ලොජික් අධිපති අශෝක් පතිරගේ, එන්.එස්.බී. කො‍ටස් ගණුදෙනුවට සම්බන්ධ ඩිනාල් විජේමාන්න, තැප්‍රොබේන් සිකියුරිටීස් ආයතනයේ අජිත් දේවසුරේන්ද්‍ර යන අය එම කණ්ඩායමේ සිටින බව ලාල්කාන්ත මහතා කියා සිටියේය. මෙම කල්ලිය විසින් ලංකාවේ කොටස් වෙළෙඳ පොළ මෙහෙයවන බවත් මහ බැංකු අධිපති අජිත් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් ඇමතිවරයා රටේ ආර්ථිකය මෙහෙය වන බවත් වැඩිදුරටත් ලාල්කාන්ත මහතා කියා සිටියේය. මෙම කණ්ඩායමත් රාජපක්ෂ කල්ලියත් වත්මන් ආර්ථික‍ විනාශයේ සැලකිය ‍යුතු කොටස්කරුවන් බවද ලාල්කාන්ත මහතා කියා සිටියේය.

No comments:

Post a Comment