Saturday 25 August 2012

නිදහස් වෙළද කලාපයේ සේවකයන් දැඩි පීඩනයක

ජීවත්වීමට සරිලන වැටුපක් හිමි නොවීම නිසා නිදහස් වෙළද කලාපයේ සේවකයන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් එම හෙතුවෙන් ඔහුන් සේවයෙන් ඉවත්ව යමින් සිටින බවත් වාර්තා වේ. නිදහස් වෙළද සේවක සංගමයේ කැදවුම්කරු අසේල ධර්මප‍්‍රිය දිසානායක මහතා අවධාරණය කරන්නේ නිදහස් වෙළද කලාපයේ නියුතු වුවන් සේවය හැරයාමේ ප‍්‍රවණතාවයක් නිර්මාණය වීමත් සමග කර්මාන්ත ශාලාමගින් ලබා දීමට අපහසු ඉලක්ක සම්පුර්ණ කිරීමට රැදි සිටින සේවකයන්ට සිදු වී ඇති බවයි. සෑම වර්ෂයකදී අයවැය යෝජනා මගින් පැවසු පරිදි නිදහස් වෙළ`ද කාලාප සේවකයන් ස`දහා වැටුප් වැඩි කිරීමක් සිදුනොවුබවත්, පවතින බඩු මිළ හා ජීවන වියදම සැලකීමේදී නිදහස් වෙළද කාලාප සේවකයකුගේ අවම වැටුප රු.5000 කින් ඉහළ දැමීම අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා. ”නිදහස කියන ඒවා සමාජ සම්බන්ධතා සියල්ල කැප කරලා නිදහස් කලාපයේ සේවකයන් ? එලිවෙනකම් සේවය කරන්නේ ජීවත් වීම සදහා සුදුසු වැටුපක් ලබා ගැනීමේ අරමුණින්. නමුත් එසේ අත්තිකාල කොට ලබා ගන්නා වැටුපකින් පවා ජීවත් වීමට අපහසු නිසා එන්න එන්නම සේවකයන් සේවය හැර යන්න බලනවා. එසේ වීමට බලපෑ තවත් කරුණක් වන්නේ ළ`ගාවීමට අපහසු ඉලක්ක ලබා දීමයි. දැන් බොහෝ කම්හල්වල සේවකයන් හිග ඒ නිසා ඔවුන්ගේ අඩුව පුරවන්න සිදු වෙලා තියෙන්නේ දැනට සේවයේ ඉන්න සේවකයන්ටයි. ඒ නිසා පෙර ඉලක්ක සපුරා ගන්න දැන් ඉන්න සේවකයන් ගේ නිදහස කැප කරන්න සිදුවෙලා. දැනට සේවකයන්ට ගෙවන අවම වැටුප රුපියල් 7900 යි. ගියවර අයවැට යෝජනාවේදී රුපියල් 5000 කින් අවම වැටුප වැඩි කළ යුතු බව අප පැවසුවා. නමුත් මේ දක්වා එසේ වැඩි කර නැහැ. කොතරම් කැපකිරීමක් කරනවාද කිව්වොත් උදේ රැකියාවට පැමිණියාට පසු ආපසු රැකියාව හමාර කරනකම් වැසිකිළියට යන්න අවස්ථාවක් දැන් දෙන්නෙ නැහැ. ඉලක්කය සපුරාලීම ඊට වඩා වැදගත් නිසා එහෙම කරන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ බඩු මිල ඉහල යාමත් සම`ග වැටුප් වැඩි නොවු බැවින් එය දරාගැනීමට අපහසු සේවකයන් සේවය හැර යාමේ ප‍්‍රමාණය ඉදිරියේදී තවත් වැඩි විය හැකියි’’යැයි ද කැදවුම්කරු අසේල ධර්මප‍්‍රිය දිසානායක මහතා කියා සිටියා.

No comments:

Post a Comment