Saturday 25 August 2012

ඇපල් සමාගම විසින් ‍දකුණු කොරියානු සැම්සුන් සමාගමට එරෙහිව නඩු ඇපල් දිනයි

තම දුරකථනවල විශේෂාංග අනුකරණය කරමින් බුද්ධිමය දේපළ සොරාගැනීම පිළිබඳව ඇමරිකානු ඇපල් සමාගම විසින් ‍දකුණු කොරියානු සැම්සුන් සමාගමට එරෙහිව ඇමරිකානු අධිකරණයක පවරා තිබූ නඩුවකින් ඇපල් සමාගම ජයගෙන ඇතැයි වාර්තා වේ. මේ අනුව වන්දි වශයෙන් ඇපල් සමාගමට ගෙවීමට නියම වී ඇති මුදල ඩොලර් බිලියන 1 .05කි. ඇපල් සමාගමේ iPhone නිෂ්පාදන කිහිපයක මෘදුකාංග හා හැඩය සැම්සුම් නිෂ්පාදන විසින් අනුකරණය කර ඇති බවට ජූරිය තීරණය කර තිබේ. මේ අනුව එම සැම්සුන් නිෂ්පාදන ඇමරිකානු වෙළඳපොළට ඇතුල්වීමට ඉඩ නොදෙනු පිණිස නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි ඇපල් සමාගම අපේක්ෂාවෙන් සිටින අතර සැම්සුන් සමාගම තීන්දුවට එරෙහිව අභියාචනා කරන බව කියයි. ලාභදායී ආසියානු නිෂ්පාදන ඇමරිකානු වෙළඳපොළට පැමිණිම නිසා ඇමරිකානු වෙළඳ සමාගම් දැඩි අභියෝගයකට මුහුණ පා සිටින අතර මෙම ඇපල් - සැම්සුන් සටන එහි එක් පෙරමුණක් පමණක් බව ආර්ථක විශ්ලේශකයින්ගේ අදහසයි.

No comments:

Post a Comment