Tuesday 7 August 2012

නගර සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට

පළතුරු වෙළෙන්දෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටින වත්තේගම නගර සභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ති‍බේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, වත්තේගම නගර සභා සභාපතිවරයා අද පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි. පසුගිය ජූලි 29 වැනිදා වත්තේගම නගරයේදී අදාළ පළතුරු වෙළෙඳසළට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබුණි. පොලීසිය පැවසුවේ, සැකකරු අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

No comments:

Post a Comment