Monday 6 August 2012

ආරම්භක දිනයේම ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්

උසස් පෙළ විභාගයේ ඊයේ පැවති සංයුක්ත ගණිතය විෂයට අදාළ ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රයේ එක් ප්‍රශ්නයක ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් අදාළ ප්‍රශ්න පත්‍රය සැකසූ මහාචාර්යවරයාගෙන් කරුණු විමසා ඇති බව විභාග දෙපාර්තමේනතුව පවසයි. විභාග කොමසාරිස් ඩබ්ලිවි.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ, මේ පිළිබඳව විභාග අපේක්ෂිකාවක කළ පැමිණිල්ලකට අනුව අදාළ කරුණු විමසීම කළ බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නයෙන් අදාළ විෂයට එක් වන්නේ ලකුණු එකහමාරක් පමණක් බව ද ඔහු පැවසීය. මේ අතර විභාගයට පෙනී සිටි සිසුන් පවසන්නේ ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රයේ 15 වැනි ප්‍රශ්නයේ -ඒ- කොටස වැරදි බවයි. ඒ හේතුවෙන් එම ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනිමට උත්සාහ කිරීමෙන් ප්‍රශ්න පත්‍රයේ කාල කළමනාකරණය කිරීමට නොහැකිවූ බව ඔවුන් සඳහන් කළේය.

No comments:

Post a Comment