Tuesday 7 August 2012

කුතුහලය’යේ ඡායාරූප ප්‍රථිවියට

අමෙරිකා නාසා ආයතනය නිර්මාණය කළ කුතුහලය අරුතැති කියුරියෝසිටි රොබෝ යානය අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩබස්වන අයුරු දැක්වෙන ඡායාරූපයක් නිකුත් කර තිබේ. කියුරියෝසිටි රොබෝ යානය පැරෂුටයක ආධාරයෙන් අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩබස්වනු ලැබූ අවස්ථාව දැක්වෙන එම ඡායාරූපය ගනු ලැබ ඇත්තේ, සමීපයෙන් ගමන්ගත් චන්ද්‍රිකාවක් විසිනි. කියුරියෝසිටි රෝවරය මගින් අඟහරු මතු පිට ගනු ලැබූ ඡායාරූප රැසක් දැනටමත් ප්‍රථිවිය වෙත ඇති බව නාසා ආයතනය සඳහන් කළේය. ඉදිරි දින කිහිපය තුළ රෝවර් රථයේ උපකරණ ක්‍රියාත්මක කිරීමට නාසා පර්යේෂකයෝ අපේක්ෂා කරති. ඊයේ එම රථය ගොඩබස්වනු ලැබූවේ, අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටය සමීපයටයි.

No comments:

Post a Comment