Saturday 18 August 2012

තාප්පයට යට වී දෙදෙනා මරුට

කෑගල්ල, කුරුඳුහින්න ප්‍රදේශයේදී තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද පස්වරු 4.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, මියගොස් ඇත්තේ තාප්පයක් අලුත්වැඩියා කරමින් සිටි ශ්‍රමිකයින් දෙදෙනෙකු බවයි. එලෙස මියගොස් ඇත්තේ, කෑගල්ල හෙට්ටිමුල්ල සහ මාකුඹුර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

No comments:

Post a Comment