Monday 6 August 2012

අඟහරු ගවේෂණයේ ලාංකේය නම රැන්දූ විද්‍යාඥයා නිව්ස්ෆස්ට් සමග

අභ්‍යවකාශ ගවේෂණයේ තීරණාත්මක පියවරක් තබමින් අද දිනයේ අඟහරු වෙත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ රියට දායකත්වය සැපයූ විද්‍යාඥයින් අතර ශ්‍රී ලාංකිකයකු වන ආචාර් සරත් ගුණපාල මහතා ද වේ. අඟහරු මත ජීවය ඇත්දැයි සොයා බැලීමේ අරමුණින් නිර්මිත කියුරියෝසිටි යානයේ සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ, සරත් ගුණපාල මහතා ඇතුළු කණ්ඩායමයි. අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම එම ලේස්ර් උපකරණයේ ප්‍රධාන අරමුණ බව ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය. මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් අඟහරු ග්‍රහයා තුළ මිට පෙර ජීවයක් පැවැතියේද යන්න තහවුරු කර ගැනීමට අපේක්ෂිතයි. කුතුහලය යන අර්ථය ඇති කියුරියෝසිටි රොබෝ රිය රැගත් යානය අභ්‍යවකාශගත කළේ, පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදාය.

No comments:

Post a Comment