Monday 6 August 2012

අයදුම්පත් දහනවදහසක් ඉවතට

මෙවර පළාත් සහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 19,292 ක් ප්‍රතික්ෂේප වී ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් 100,788 ක් පිළිගත් බවයි. පළාත් සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමට රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව එක්ලක්ෂ විසිදහස් අසූවකි. උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මේ මස 27 සහ 28 යන දින දෙකේදී සිදු කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මේ මස 20 වැනිදා සිට සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment