Wednesday 5 September 2012

වෙලේ සුදාගේ ලක්ෂ 1850ක දේපළ තහනම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කර දැනට විදේශගතව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා සොයොයුරියකට අයත් රුපියල් ලක්ෂ 1,850ක් වටිනා දේපළ තහනම් කර තිබේ. පොලීසිය පවසන්නේ, අධිකරණය විසින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ මොවුන් නීතිවිරෝධී ක්‍රම මගින් උපයා ඇති එම දේපළ තහනම් කළ බවයි. එම දේපළ අතරට නැදිමාල, දෙහිවල, කොළඹ විජයරාම මාවත බගතලේ පාර , රාජගිරිය ප්‍රදේශවල පිහිටි සුපිරි නිවාස 05ක් විවිධ බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා ස්වර්ණාභරණ සහ සු‍ඛෝපභෝගී මොටර් රථ 3ක් ඇතුළත් ය. මේ අතර වෙළේ සුදා නැමැත්තාගේ බිරිඳ වන ගයානි ප්‍රියදර්ශනී නොහොත් සුජී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව විසින් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවාය. එහිදී මහේස්ත්‍රාත් අමල් වරුණ රාජා මහතා නියෝග කළේ, ලබන 19 වැනිදා දක්වා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

No comments:

Post a Comment