Tuesday 11 September 2012

අතුරුදන්වූවාගේ සිරුර කැලෑවකින් හමුවෙයි

අතුරුදහන්වී ඇතැයි පැමිණිල්ලක් ලැබී තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් කඹුරුපිටිය, මාස්මුල්ල ප්‍රදේශයේ කැලෑවක තිබී හමුවී තිබේ. මොහු පසුගිය අගෝස්තු මස 18 වන දින නිවසට එන බව පවසා ඇතත් එදිනට නිවසට නොපැමිණීම හේතුවෙන් ‍ඔහුගේ බිරිඳ විසින් සිය සැමියාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලීසියේ පැමිණිල්ලක් ද සිදුකරනු ලැබ ඇත. අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් එම ස්ථානයේ ඇතැයි කඹුරුපිටිය පොලීසිය ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අක්කර 14 උල්ල, මාස්මුල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා කතරගම ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට අයෙකු බවත් මේ සම්බන්ධයෙන් තමන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් කඹුරුපිටිය පොලීසිය පවසයි.

No comments:

Post a Comment