Monday 3 September 2012

කුලියාපිටියේ සභාපති යළි බන්ධනාගාරයට

නිවාස දෙකකට අලාභ හානි කර නිවැසියන්ට පහරදුන් බව පැවසෙන සිද්ධියේ සැකකරුවන් වන කුලියාපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු අට දෙනෙකු ලබන 10 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 31 වැනිදා රාත්‍රීයේ එම ප්‍රහාරය එල්ලවී තිබිණ. ‍පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි. එලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකුට තුවාල සිදුකිරීමට අදාළව හානියට පත් නිවාස දෙකෙහි පදිංචිකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment