Monday 3 September 2012

පෙම්වතිය මරා තවත් දෙදෙනකුට තුවාල කර පෙම්වතා වස බොයි

කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 17 හැවිරිදි තරුණියක ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන, සේවය හැරගිය යුදහමුදා සෙබළෙකු අද දහවල් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. තරුණියගේ මවට ද සැකකරු විසින් තියුණු ආයුධයෙන් පහහරදී තුවාල සිදුකර ඇති අතර එය බේරීමට ගිය සැකකරුගේ මව ද තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුව තරුණයා ද වස පානයකර ඇති අතර ඔහු මේවන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රො‍්හල්ගත කර තිබේ. සිද්ධියෙන් මියගිය තරුණිය ඉපලෝගම කාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

No comments:

Post a Comment