Monday 3 September 2012

පිස්ටෝරියස් සමාව අයදී

ලන්ඩන් පැරාඔලිම්පික් උළෙලේ දී බ්‍රසීල ක්‍රීඩක ඇලන් ඔලිවේරා විවේචනය කිරිම සම්න්ධයෙන් දකුණු අප්‍රිකාවේ ඔස්කා පිස්ටෝරියස් සමාව අයැද සිටී. දණ හිසෙන් පහළ දෙපා ඉවත් කළ ධාවකයින් සඳහා වන මීටර් 200 ධාවන ඉසව්ව ජය ගත්තේ ඇලන් ඔලිවේරා ය. ලන්ඩන් පැරාඔලිම්පික් උළෙලේ දණ හිසෙන් පහළ දෙපා ඉවත් කළ ධාවකයින් සඳහා වන මිටර් 200 ධාවන ඉසව්වේ අවසන් තරගය ඊයේ පැවති අතර දකුණු අප්‍රිකාවේ ඔස්කා පිස්ටෝරියස් එහි දෙවැනි ස්ථානයට පත් විය. තරගයෙන් අනතුරුව පිස්ටෝරියස් පැවසූවේ, ඇලන් ඔලිවේරාගේ කෘතිම පාද වැඩි දිගකින් යුතු වූ නිසා ඔහු තරගය ජය ගත් බව ය. නමුත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින බව පිස්ටෝරියස් අද ප්‍රකාශ කළේය .

No comments:

Post a Comment