Tuesday 11 September 2012

රේඩියෝ සංඛ්‍යාතවල වෙනසක්

දිවයිනේ සියලු ගුවන්විදුලි නාලිකා සඳහා ලබන නොවැම්බර් මස පළමු වැනිදා සිට නව සංඛ්‍යාත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ‍ ඒ අනුව සියලු නාලිකා සඳහා අලුතින් සංඛ්‍යාත වෙන්කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ, සංඛ්‍යාත 5 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර තිබු ගුවන් විදුලි නාලිකා සඳහා සංඛ්‍යාත දෙක බැගින් නිකුත් කළ බවයි. සංඛ්‍යාත 5 ට අඩු ගුවන් විදුලි නාලිකා සඳහා එක් සංඛ්‍යාතය බැගින් ලබා දී තිබේ. එක් සංඛ්‍යාතයක් මගින් දිවයිනම ආවරණය කළ හැකි පරිදි සංඛ්‍යාත බෙදාහැරි බව අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ සංඛ්‍යාත දෙකක් අතර දශම 2 ක පරතරය දශම 3 දක්වා වැඩි කිරීමට ද නව සැලැස්ම යටතේ පියවර ගෙන ඇති බවයි. ගුවන් විදුලි විකාශයේදී ඇතිවන බාධාවන් වැළැක්වීම අරමුණු කර ගනිමින් එම සැලැස්ම ක්‍රියාත්මක කරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සඳහන් කළේය.

No comments:

Post a Comment