Wednesday 12 September 2012

විසදුමට සරසවි ඇඳුරන් එකඟ නැහැ

තම අර්බුදය විසදිම සඳහා කම්කරු කොමසාරිස්වරි‍යගේ අත්සනින් ලබාදි ඇති ස්වේච්ඡා බේරුම්කරණ ක්‍රියාවලියට එකඟ නොවන බව විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ ඊයේ රැස් වූ තම විධායක සභාව එම තීරණයට එළැඹි බවයි. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසූවේ, ගැටලුව විසදිම කම්කරු කොමසාරිස්වරියට භාර දි ඇති බවයි.

No comments:

Post a Comment