Wednesday 12 September 2012

ඉසඩ් ලකුණු අර්බුදයේ අවසන් විසදුම

පසුගිය වසරේ පැවති උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා පිරිස 5609කින් වැඩි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. ඒ 2011 උසස් පෙළ ඉසෙඩ් ස්කෝර් සම්බන්ධ පෙත්සම් අද යළි කැඳ වූ අවස්ථාවේදීය. අගවිනිසුරු ආචාර්ය ශිරානි බන්ඩාරනායක, කේ. ශ්‍රීපවන් හා නිමල් ගාමිණී අමරතුංග යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණ. එහිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා පෙත්සම් කරුවන්ගේ නීතිඥවරුන් ඉසඩ් ලකුණු අර්බුදයට අවසාන විසදුම් වශයෙන් සකස් කළ වාර්තාවේ අන්තර්ගත කරුණු සාකච්ඡාවට ලක් කර තිබේ. එම වාර්තාවේ සඳහන් තෙවන යෝජනාව යටතේ වන වැඩිම පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල අවධානය යොමු කළේය. එහිදි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නිර්දේශ කළේ 2011 වසරේදි තෙවනවරට විභාගයට පෙනී සිටි පිරිසට හා ඉදිරිපත් නොවු සිසුන්ට 2013 වසරේදි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. සාමාන්‍යයෙන් වසරකට සිසුන් 21,500 ක් විශ්වවිද්‍යාලවලට බඳවා ගත්තද මෙවර බඳවා ගන්නා පිරිස වැඩි කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කර ඇත්තේ සිසුන් 5,609 ක් අමතර බඳවා ගන්නා ලෙසයි. ඒ අනුව කලා අංශයෙන් තොරා ගැනෙන්නේ සිසුන් 681 දෙනෙකු පමණක් වන අතර ඉතිරි 4928 දෙනා අනෙකුත් විෂයන්ගෙන් තෝරා ගැනෙනු ඇති. අදාළ විසදුම අනුව ඉදිරියේදී විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනිමට අයදුම්පත් කැදවන දිනයේ සිට දින 14 ක් ඇතුළත අයදුම්පත් යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය. අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු වාර්තාව ඉසඩ් ලකුණු අර්බුදය සම්බන්ධයෙන් වන අවසාන විසදුම වනු ඇති.

No comments:

Post a Comment