Sunday 2 September 2012

ආන්ඩුවෙ මැරයන් jvp-unp පක්ෂ කාර්යාලවල සැරසිලි කඩා බිද දමයි

අම්පාර පදියතලාව ප්‍රදේශයේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාල කිහිපයක ඉදිරිපිටවු සැරසිලි කඩා බිද දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ සහඑක්සත් ජාතික පක්ෂයට අයත් අපේක්ෂකයින්ගේ කාර්යාල අසලවු සැරසිලි එසේ කඩා පුලුස්සා දමා ඇති බවය.අද අලුයම මේ පිළිබදව පොලිසියට පැමිණිලි ලැබි තිබේ.කැබ් රථයකින් පැමිණි පිරිසක් එය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇත.සිද්ධිය වන අවස්ථාවේ අදාළ පක්ෂ කාර්යාල ඉදිරිපිට සිටි ආධාර කරුවන්ගේගේ ප්‍රකාශ මත පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පැවසීය.

No comments:

Post a Comment