Saturday 1 September 2012

මැතිවරණ සමයේ සම්මුඛ පරීක්ෂණයක්

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද බව කියන සම්මුඛ පරීක්ෂණයක් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් නතර කර තිබේ. අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාය. අභ්‍යසලාභින් පිරිසක් ස්ථිර සේවයට බඳවා ගැනීම සදහා සම්මුඛ පරික්ෂණ පැවැත්වෙන බවට පැමිණිල්ලක් ලද බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද තහවුරු කළේය. පසුව එය විභාග කිරිමට පියවර ගෙන තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ අදාළ සම්මුඛ පරික්ෂණ නතර කිරිමට පියවර ගෙන ඇති බවට පසුව තමාට වාර්තා වු බවය.

No comments:

Post a Comment