Saturday 1 September 2012

අදාහනාගාරයේ පිපිරීමෙන් වත්තේගම සභාපති ඇතුළු 6කට තුවාල

මහනුවර, වත්තේගම දුංඔය ප්‍රදේශයේ අදාහනාගාරයක සිදුවූ පිපිරීමකින් වත්තේගම නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 6දෙනෙකු තුවාල ලබා තිබේ. අද පස්වරු 5.00ට පමණ මෘත දේහයක් ආදාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. පිපිරීමෙන් ආදාහනාගාරයට ද හානි සිදුව තිබේ. පිළිස්සුම් තුවාල සහිතව වත්තේගම නගර සභාවේ සභාපති කේ.සී. ලියනගේ මහතා ඇතුළු තිදෙනෙකු මහනුවර රෝහලට ඇතුළත් කෙරිණ. අනෙක් තිදෙනා වත්තේගම රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටී. පොලීසිය පැවසුවේ, අදාහනාගාරයේ ගෑස් නලයක ඇතිවූ දෝෂයකින් අනතුර සිදුවන්නට ඇතැයි සැකකරන බවයි.

No comments:

Post a Comment