Monday 10 September 2012

ජනවාරියේ සිට ලේබලය භාෂා තුනෙන්ම

මෙරට භාවිත කරන ඖෂධ හා විලවුන් ද්‍රව්‍ය සඳහා ලේබල් සැකසීමේදී ඉංග්‍රිසි භාෂාවට අමතරව සිංහල හා දෙමළ භාෂාව උපයෝගී කර ගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ලබන වසරේ ජනවාරි පළමු දින සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවය. ඉංග්‍රිසි භාෂාව නොදන්නා බොහෝ පුද්ගලයින් ඖෂධ, විලවුන් ද්‍රව්‍ය හා වෛද්‍ය උපකරණ භාවිතයේදී ගැටලු රැසකට මුහුණ දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මහජනතාව කළ ඉල්ලීමකට අනුව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට සියලුම විලවුන් ද්‍රව්‍ය නිෂ්පාදකයින් හා ආනයනකරුවන් වෙත අවශ්‍ය උපදෙස් දී ඇතැයි ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසීය.

No comments:

Post a Comment