Monday 10 September 2012

රසායනික නැවේ ගින්න නිවේ

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවේ හටගත් ගින්න නිවාදමා තිබේ. ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා එරට වෙරළා‍රක්ෂක බලකායට පැය හයක පමණ කාලයක් ගත වූ බවය. ගින්න මැඩපැවැත්වීමෙන් පසු නෞකාවේ සිසිලන කටයුතු සිදුකෙරෙන බව වාර්තා වේ. එම්.වී. ඇම්ස්ටර්ඩෑම් බ්‍රිජ් නැමැති නෞකාව ඊයේ සවස ‍ගිනිගැනීමට ලක්වූයේ මුම්බායි වෙරළ තීරය ආසන්නයේදීය. ගින්න හට ගන්නා අවස්ථාව වන විට නෞකාවේ ටොන් 54 ,405 ක රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිණ. ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, එම රසායනික විෂ සහිත වන අතර එය සාගරයට එක්වු‍ව හොත් එය සාගරයට හා මිනිසාට අහිතකර බලපෑම් එල්ල කළ හැකි බවය. මෙම නෞකාව ඇන්ටිගා සහ බාබියුඩාහි ලියාපදිංචි නෞකාවකි. ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, නෞකාවේ කාර්ය මණ්ඩලය කඩිනමින් බේරා ගැනීමට එරට වෙරළ ආරක්ෂක බලකාය පියවර ගත් බවය. මෙම නෞකාව හෙට දින කොළඹට ළඟාවීමට නියමිතව තිබූ බව ද ඉන්දීය වාර්තාවල සඳහන්ය.

No comments:

Post a Comment