Saturday 1 September 2012

නුවරඑළියට දැඩි මීදුමක්

නුවරඑළියේ මේ දිනවල දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පැවසූවේ, එම මීදුම් තත්ත්වය හේතුවෙන් නුවරඑළියට පිවිසෙන සියලු ප්‍රධාන මාර්ග ක්ෂණිව වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි. ඒ අනුව හැටන් - නුවරඑළිය, ගම්පොල- නුවරඑළිය සහ වැලිමඩ -නුවරඑළිය ප්‍රධාන මාර්ග ඔස්සේ වාහන ධාවනය කරන රියදුරන් අවධානයෙන් සිටින යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දී සිටී.

No comments:

Post a Comment