Saturday 1 September 2012

කූඩන්කුලම් බලාගාරයට අධිකරණයෙන් අවසර

දකුණු ඉන්දීය තමිල්නාඩු දකුණු වෙරළ තීරය ආසන්නයේ ඉදිකර ඇති කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මදුරාසි මහාධිකරණය අනුමැතිය ලබා දුන්නේ ය. එම අනුමැතිය ලබා දුන්නේ, බලාගාරයේ ක්‍රියාකාරිත්වයට එරෙහිව ඉදිරිපත්ව වූ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින්ය. බලාගාරයේ අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් අරගලයක යෙදෙන න්‍යෂ්ටික බලශක්තියට එරෙහි මහජන ව්‍යාපාරය අවධාරණය කරන්නේ, තම සටන අත්නොහරින බවය. ඔවුන් පවසන්නේ, මහාධිකරණ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන යාමට ඔහුහු බලාපොරොත්තු වෙති. ඉන්දීය න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව ඉදි කරන ලද බලාගාරය මෙගාවොට් 1000 බැගින් වූ උත්පාදන ඒකක 2 කින් සමන්විත වේ. බලාගාරයේ සියලුම අංශ නිසි ක්‍රියා කාරීත්වයක පවතින බවට තහවුරු කර ඇති අතර ඊට න්‍යෂ්ටික ඉන්ධන පිරවීමට දැනටමත් ඉන්දීය න්‍යෂ්ටික බලධාරීන්ගේ අනුමැතිය හිමි වී තිබේ. මේ අතර අධිකරණය පෙන්වා දී තිබෙන්නේ මහජනතාවගේ ආරක්ෂාවට අදාළ නිර්දේශ කර ඇති කරුණු 17 සම්පූර්ණ කිරීම බලාගාර බලධාරීන්ගේ වගකීම බවය. එහෙත් ඉන් ක්‍රියාත්මක වී තිබෙන්නේ 06 පමණක් බවට අධිකරණයේ දී ප්‍රකාශට පත් විය. එසේම න්‍යෂ්ටික විපතකින් ආරක්ෂා වීම පිළිබඳව පෙරහුරු හා දැනුම්වත් කිරීමේ කටයුතු වරින් වර අදාළ ප්‍රදේශ වල සිදු කරන ලෙස ද අධිකරණය තමිල්නාඩු ආණ්ඩුවට නියෝග කර ඇත. දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට කිලෝ මීටර් 650 ක් පමණ දකුණින් පිහිටි තිරුනල්වේලි දිස්ත්‍රික්කයේ කූන්ඩකුලම් න්‍යෂ්ටික බලාගාරය පිහිටා තිබේ.

No comments:

Post a Comment