Sunday 2 September 2012

ජාතිවාදය පැරදවීය හැක්කේ ජවිපෙට පමණයි - චන්ද්‍රසේකර්

මුස්ලිම්, දෙමළ, සිංහ සියලු ජාතිකත්වයන් එකට එක්විය යුතු බවත් සියලූම ජාතිවාදයන් පැරදවිය යුතු බවත් එය කළ හැක්කේ ජවිපෙට පමණක් බවත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද ලබාදෙන්නැයි එම පක්ෂයේ මධ්යජමකාරක සභික පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්ය කාරක සභාපති රාමලින්ගම් චන්ද්රපසේකර් මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (01) කාත්තන්කුඩි නදීජා වෙරලතීරයේ තිබූ ජනමුවක් අමතිමිනි. එහදී ඔහු වැඩිදුරටත් පැවසූවේ "රවුෆ් හකීම් නැගෙනහිරදී මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීඉන්න බව හඟවනවා. මුස්ලිම් ජනතාවට ඡන්දෙ දෙන්න කියනව ගහ ලකුණට. හැබැයි එහෙම කියන රවුෆ්හකීම් ජනාධිපති ඉන්න වේදිකවෙ කියන්නෙ බුලත්කොලයට ඡන්දෙ දෙන්න කියලා. මේක තමයි බොරුව, ජනතාව රැවටීම මේ කරන්නේ. අද හකීම්ට ඡන්දෙ දුන්නත්, හිස්බුල්ලට ඡන්දෙ දුන්නත්, පිල්ලෙයාන්ට ඡන්දෙ දුන්නත් ඒ ඔක්කෝම ඡන්ද යන්නේ නැවත මේ දූෂිත ආණ්ඩුවටම තමයි. ඒ කවුරුත් වෙන විදිහකින් ආයේ ඡන්දෙ එකතුකරන්නෙ ආණ්ඩුවට. ඒක නිසා සැබෑවටම ආණ්ඩුවිරෝධී නැගෙනහිර පළාතෙ ජනතාව මේ දූෂණයට නාස්තියට එරෙහිව ඡන්දෙ දෙනවම් දෙන්න තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ආණ්ඩුව තමයි දැන් බංකොලොත් තත්වයට පත්වෙලා ඡන්දෙ ගන්න ජාතිවාදයයි, ආගම්වාදයයි, යුධවාදයයි, ඔක්කොම පාවිච්චි කරන්නේ. අපි ආණ්ඩුවට කියනව කරුණාකරල ඔය වැඩේ නවත්තන්න. ජාතිවාදී, ආගම්වාදී සිතුවිල ජනතාවට දෙන්න එපා. යුධවාදය පොෂණය කරන්න එපා ඒක අනාගතේ ලොකු වියසනයක මුල වෙන්න පුළුවන්. ජාතිවාදය පැතරවීමට එරෙහිවෙන්න ඕන. ජාතිවාදයට එරෙහිව ජාතික සමගියවෙනුවෙන් දෙන හැම ඡන්දයක්ම දෙන්න තියෙන්නෙ සීනුවට විතරයි. ජනතා විමුකිති පෙරමුණට විතරමයි." යනුවෙනි. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධ්‍යමකාරක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා, සහ මඩකලපුව දිස්ත්‍රික් අපේක්ෂකයින් වන රාහුෆ් ජමීල්, රහීම් සහ අස්මී යන අයද සහභාගීවී සිටියහ.

No comments:

Post a Comment