Tuesday 23 October 2012

ෆොන්සේකා ඝාතනයට කුමන්ත්‍රණය කළ අයෙකුට 35 වසක සිරදඬුවම්

හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා ඝාතනයට කුමන්ත්‍රණයට කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ අයෙකුට කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය අද වසර 35කට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළාය. විනිසුරුවරිය එම නියෝගය නිකුත් කරනු ලැබූවේ, විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා 04කට ඔහු වරදකරු කරමිනි. ඔහු එම කුමන්ත්‍රණයට තැත්කර ඇත්තේ, 2005 වසරේ ජුලි මස 01 වැනිදා සිට 2006 වසරේ ජුනි 30 අතර කාලය තුළදීය. එම ඝාතන කුමන්ත්‍රණය සඳහා මංජුලා නැමති එල්.ටී.ටී.ඊ සාමාජිකාව රඹුක්කන ප්‍රදේශයට රැගෙන ඒම, ඇයට නවාතැන් සැපයීම, කුලී නිවසක් ලබා ගැනීමට සහය වීම හා මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකාව පිළිබඳ තොරතරු පොලීසිය වෙත නොදැන්වීම පිළිබඳ විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණි.

No comments:

Post a Comment