Thursday 4 October 2012

සර්ප විෂෙන් ප්‍රබල වේදනා නාශකයක්

සර්ප විෂ යොදා ගනිමින් ප්‍රබල වේදනා නාශකයක් නිෂ්පාදනය කිරිමට ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායමක් සමත්ව සිටී. ඒ සඳහා උපායෝගි කර ගෙන ඇත්තේ, අප්‍රිකා කලාපයේ ජීවත් වන උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් නිස්සාරණය කර ගත් ප්‍රෝටීනයකි. විද්‍යාඥයින් පවසන්නේ, එම ප්‍රෝටීනය මීයන් සඳහා සාර්ථකව අත්හදා බැලූ බවයි. සුලබව භාවිත කෙරෙන මෝෆීන් නැමති වේදනා නාශකයට වඩා නව වේදනා නාශකය වඩා සාර්ථක සහ අතුරු ආබාධ අඩු එකක් බව ද අධ්‍යනය මෙහෙය වූ ප්‍රංශ විද්‍යාඥ කණ්ඩායම ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment