Thursday 4 October 2012

ලිංගික අල්ලස වැරදී කොස්තාපල් රිමාන්ඩ්

ලිංගික අල්ලස් ලබාගැනීමට තැත්කළ බව කියන එප්පාවල පොලිස් කොස්තාපල්වරයකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, සැකකාර පොලිස් කොස්තාපල්වරයා තඹුත්තේගම මහේස්ත්‍රා‍ත් චාමර කැකිරිදෙණිය මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයකුට නීතිමගින් කටයුතු නොකිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සහ දැරූ බවට එම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව චෝදනා එල්ල විය. සැකකාර පොලිස් නිලධාරියා අදාළ කාන්තාව තලාව නගරය ආසන්නයේදී ලිංගික අල්ලසක් ලබා ගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු එප්පාවල පොලීසියට අනියුක්තව සේවය කළ අයෙකි.

No comments:

Post a Comment