Wednesday 24 October 2012

දියණියට වදහිංසා පැමිණ වූ පියා රක්ෂිත බන්ධනාගාරයට

7 හැවිරිදි දියණියට පොරව මිටෙන් පහරදී කෲර වදහිංසා පැමිණීවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කල සැකකාර පියෙකු ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අති‍රේක මහහෙස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා අද නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ, හික්කඩුව පනම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම දැරියගේ මව ‍නොමැති අතර, පියා පුංචි අම්මා සහ සහෝදරයන් සමග නිවෙසේ එකට සිටින බවත්, සැකකරු බීමත්ව පැමිණ නිවසේ අයට හිරිහැර කරන බවත්, අධිකරණ‍යේදී අනාවරණ වුණි. සිද්ධිය වූ දිනයේ සැකකරු බීමතින් පැමිණ, දියණියට මෙසේ පහරදී ඇති බව සැකකරු අධිකරණට ඉදිරිපත් කරමින්, පොලිසිය පැවසීය. දැරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

No comments:

Post a Comment