Wednesday 24 October 2012

දිවයිනට ගිඟුරුම් සහිත වැසි

අද පස්වරුවේ දිවයින අභ්‍යන්තරයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා සඳහන් කළේ, බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලට ද ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. අද පෙරවරු 8.30 න් පසු මේ දක්වා වාර්තා වූ වැඩිම වාර්ෂාපතනය වූ මිලිමීටර් 91ක් හෝටර්න් තැන්න ප්‍රදේශයෙන් වාර්තා විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අකුණු අනතුරුවලින් වැළකීම සඳහා පියවර ගන්නා ලෙසය.

No comments:

Post a Comment