Saturday 6 October 2012

ඇමති සුසන්ත පුංචිනිලමේට ධීවරයෝ පහර දෙති

ත‍්‍රිකුණාමය, කන්තලේ ප්‍රදේශයේදී ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ධීවරයන් පිරිසක් සමග ඇතිකර ගත් බහින් බස්වීමක් දුරදිග ගොස් ඔහුටත් ඔහුගේ ආරක්ෂකයින්ත් සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාටත් ධිවරයන් විසින් පහර දී ඇතැයි වාර්තා වේ. වැවට දමන තහනම් ආම්පන්න නවත්වන්නට නොහැකිද යන්නත් ධීවරයන්ට සහන ලැබෙන්නේනම් මෙම කර්මාන්තය ඉදිරියටද කරගෙන යාහැකි බැවින් එම සහන ලැබෙන්නේ කවදාද යන්නත් ධීවරයෙකු විසින් විමසීමේදී මෙම ගැටුම්කාරී තත්වය මතුව තිබේ. එම ප‍්‍රශ්ණයෙන් කෝප වී ඇති ඇමතිවරයා ධීවරයාට පහරදී ඇති අතර පසුව ඇමතිවරයාගේ ආරක්ෂකයෙකුද ඔහුට පහරදී ඇත. එහිදී ධීවරයාගේ බිරඳ සහ එතන සිටි අනෙකුත් ධීවරයන් එක්ව ඔවුන්ව බේරීමට කටයුතු කරනවිට ඇමතිවරයාගේ බිරිඳ පැමිණ පහර කෑ ධීවරයාගේ භාර්යාවට පහරදී තිබේ. අවසානයේ ධීවරයින් එක්ව ඔහුටද ඇමති ආරක්‍ෂකයන්ට පහරදී ඇති අතර ධිවරයින්ට පහරදීම සඳහා පැමිණි ඇමති සම්භන්ධීකරණ ලේකම් වරයෙකුටද පහරදී තිබේ. ඇමතිවරයා ඇතුළු පිරිස පලාගොස් ඇත. දැනට ධිවරයන් දෙදෙනෙකු පොලිස් අත්ඩංගුවට‍ගෙන ඇති අතර ඇමති බිරිඳගේ පහරකෑමට ලක්වූ කාන්තාවක්, ඇමති ආරක්ෂකයෙකු සහ සම්බන්ධීකරණ ලේකම්වරයාද රෝහල් ගතකර ඇත.

No comments:

Post a Comment