Saturday 6 October 2012

ඇඹිලිපිටියේ මැණික් ඇති බව සනාථයි

ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව ආශ්‍රිතව මැණික් ඇති බව සිය විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා පැවසුවේ කෙසේ වෙතත් අඟල් අටකට වඩා ගැඹුරට එහි කැණීම් කළ නොහැකි බව ය. අඟල් අටකට වඩා කැණීම් කළ හොත් වැවෙහි ජලය නොරැදීම ඊට හේතුව බව බණ්ඩාර මහතා සඳහන් කළේය. ඒ අනුව එම වැවෙහි පස් ඉවත් කර ඒවා වෙන්දේසි කිරීමට දැනට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment