Saturday 6 October 2012

දිවුලපිටියේදී පුද්ගල ඝාතනයක්

දිවුලපිටිය, උඩගම්මාන ඇත්ගාල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ‍ඝාතනයට ලක් වු පුද්ගලයා ලොරි රථයක යමින් සිටියදී අද පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි නාදුනන අයෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. ඔහු 41 හැවිරිදි කටුවකැලේවත්ත, වල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

No comments:

Post a Comment