Tuesday 23 October 2012

නි. ඇමති රියදුරු පොලීසියේදී නිරුවතින් යකා නටයි

තිරප්පනේ පොලිස්ථානයට ඇතුළු වී එහි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරෙකු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. රිය අනතුරක් සම්බන්ධ පැමිණිල්ලක් ඊයේ විභාග කරන අතරතුර අදාළ සැකකරු බීමත්ව පැමිණ නිලධාරින්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ බව තිරප්පනේ පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, පසුව සැකකරු නිරුවතින් කෑ කෝ ගසමින් පොලීසිය තුළ කලහ ලෙස හැසුරුණු බවය. ඔහු බීමත්ව නිරුවතින් පොලිස්ථානය තුළ කලහ කළ අයුරු රූපගත කර ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

No comments:

Post a Comment