Wednesday 24 October 2012

මට ඔලූවේ කැක්කුමක්වත් නෑ - ෆිදෙල් බටහිර වාර්තා බොරු කරයි

කියුබානු විප්ලවීය නායක සහ හිටපු ජනපති ෆිදෙල් කැස්ත්‍රෝ මරණාසන්නව සිටින බවට බටහිර මධ්‍ය විසින් පැල කරන ලද වාර්තා අසත්‍යයක් බවට පත් කරමින් හිටපු කියුබානු නායකයා මනා සෞඛ්‍යයෙන් යුක්තව ජනතාව අමතන රූපරාමු පෙලක් කියුබානු ජාතික රූපවාහිනිය විසින් විකාශය කරන ලදි. මීට අමතරව මාධ්‍ය නිවේදනයක් හරහා තම අදහස් පළ කරන ෆිදේල් කැස්ත්‍රෝ පවසන්නේ තමන් පිළිබඳව බටහිර මාධ්‍ය විසින් ගෙනයන වාර්තා අතේ පැලවෙන බොරුවක් බවත් තමන් මානා සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් තමන්ට මතක ඇති කාලයක හිසේ ඇම්මක්වත් සැදී නැති බවත්ය. මේ අතර හිටපු කියුබානු ජනපතිවරයා සමග එකට සිටින ඡයාරූපයක් ප‍්‍රසිද්ධියට පත් කර ඇති වෙනිසියුලානු දේශපාලඥයෙකු වන එලියස් ජවුවා පවසන්නේ තමන් ෆිදෙල් සමග පැය 5 ක සාකච්ඡවක් පසුගිය ඉරිදා පැවැත්වූ බවත් ඔහු ඉතාමත් හොඳින් සහ සැහැල්ලූවෙන් සිටි බවත්ය.

No comments:

Post a Comment