Friday 5 October 2012

රුධිර සායමෙන් චිත්‍ර අඳින වින්සන්ට්

නිර්මාණකරුවෙකු සිය හැකියාව ඉදිරිපත් කරන්නේ ඊට යොදා ගන්නා සාම්ප්‍රදායික මෙවලම් හා මාධ්‍ය භාවිතා කරමිනි. එහෙත් සම්ප්‍රදායෙන් මිදී කිසිවෙකුට විශ්වාස කළ නොහැකි ක්‍රම හා ද්‍රව්‍ය භාවිතා කරමින් අපූරු නිර්මාණ කරන අසාමාන්‍ය මිනිසුන් ගැන ඉඳහිට අසන්නට ලැබේ. ඇමරිකානු ජාතික වින්සන්ට් කැස්ටිග්ලියා එවැනි අසාමා‍න්‍ය නිර්මාණ කරුවෙකු ලෙස හඳුන්වා දිය හැකියි. නමුත් ඔහු සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙකු නොව සම්ප්‍රදාය වෙනස් කළ අසාමාන්‍ය චිත්‍ර ශිල්පියෙකි. ඔහු සිය නිර්මාන සඳහා භාවිතා කළ සායම් වර්ගය ඔබට සිතන්නට හැකිද ? සමහරවිට ඔබට සායම් වර්ගවල වෙළඳ නාම මතක් විය හැකියි. එහෙත් ඒ කිසිවක් යොදා නොගනිමින් සිය රුධිරය යොදා ගනිමින් සිය නිර්මාණකරණයේ යෙදීම කොතරම් සුවිශේෂී ද? 30 හැවිරිදි කැස්ටිග්ලියා,මෙවර ඔහු සිය පස් වන චිත්‍ර ප්‍රදර්ශනය සූදානම් වෙයි. සිය රුධිරයම යොදා ගනිමින් කරන මෙම නිර්මාණවලට වඩා ප්‍රබල වන බව කැස්ටිග්ලියා පවසයි. ’’ඇත්තටම මෙම නිර්මාණ සුවිශේෂීයි.මොකද පෞද්ගලික සබැඳියාවක් මේවායේ ගැබ් වෙලා තියෙනවා.මේ හැම දේම පූජනීයයි. මන්ද මෙහි පරිත්‍යාගය ගැබ් වෙලා තියෙනවා. මෙහි ඇත්තේ මගේම සිරුරේ කොටසක්. ඉතින් මේ මමයි’’

No comments:

Post a Comment