Saturday 6 October 2012

ඕස්ට්‍රේලියානු නායකයාගෙන් ශ්‍රී ලංකාවට උපදෙසක්

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේ දී ක්‍රිස් ගේල් දවා ගැනීමට සමත් වුවහොත් , ශ්‍රී ලංකාවට තරඟය ජය ගත හැකි බව ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ජෝර්ජ් බෙයිලි ප්‍රකාශ කළේය. ’’ ඔහු කලින්ම දවා ගැනීමට සමත් වූයේ නම්, ඔවුන්ගේ මැද පෙළ ක්පිතිකරුවන් වෙත කිසියම් පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තිබුණා. මෙම තරඟය පිළිබඳව ගැඹුරින් කල්පනා කළහොත් , ඇත්තටම කියන්න තියෙන්නේ ,අපිට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා. කණ්ඩායම් හැඟීම උපරිම ලෙස විදහා දැක් වූ තරඟයක් තමයි ප්‍රදර්ශනය වුණේ. මම හිතන්නේ ,තරඟවලියේ අවසන් තරගයේ දී කිස් ගේල් දවා ගැනිමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ,ඔවුන් කොදෙව් කණ්ඩායමට වඩා ගොඩක් ඉදිරියෙන් සිටීවි’’

No comments:

Post a Comment