Friday 5 October 2012

පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් කාන්තාවකට පහර දෙයි.

පොලිස් බලේ කාන්තාවක ඇඟේ වදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් දෙණියාය ප්‍රදේශයේ කාන්තාවකට පහර දෙනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. අදාළ සිද්ධියට මුහුණ දී ඇත්තේ, දෙණියාය මහා වීදියේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි. එම කාන්තාවගේ සහෝදරයෙකු පැවසුවේ දෙණියාය පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු කළ පහරදීම හේතුවෙන් මේ වන විට තම සොයුරිය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අප කළ විමසීමකදී කරාපිටිය රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි.

No comments:

Post a Comment