Monday 22 October 2012

වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක ජල ගැලීම්

වර්ෂාව සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශ රැසකින් ජල ගැලීමේ තත්ත්වයන් වාර්තා වුණි. ඇතැම් ප්‍රදේශ වලින් නාය යාම් හටගත් බව අප වාර්තාකරුවෝ පැවසුහ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි අද (22) මධ්‍යහන 12න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ සෙවනගලින් ය. අධික වර්ෂාවත් සමඟ අම්බලන්ගොඩ වඳුරුප්ප ප්‍රදේශයේ නිවාස 100 ක් පමණ ජලයෙන් යට විය. අප වාර්තාකරු පවසන පරිදි එම නිවාස ජලයෙන් යට වූයේ වලවේ ගඟේ පිටාර ජලයෙනි. වලවේ ගඟ මුහුදට යාවෙන පට්ටිය වරාය මෝය කට අවහිර වීම ද මෙම තත්ත්වයට හේතු වූ බව පොලීසිය පවසයි. වලවේ ගං මෝය පුළුල් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්ප්පිලි මහතා පැවසීය. කිරිඳි ගඟ පිටාර ගැලීම නිසා වැල්ලවාය ඉඳිකුඹුර ,වීරසේකර ගම ඇතුළු ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වී තිබුණි. පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු වර්ෂාවත් මහනුවර - යාපනය A-9 මාර්ගය කටුගස්තොට ප්‍රදේශයේ දී නාය යාමේ අවදානමකට ලක් ව තිබෙන බව අප වාර්තාකරු පැවසීය. දැනට එම මාර්ගය අඩි 60 ක් පමණ දුරට පිඟා ඔයට ඛාදනය වී ඇත.

No comments:

Post a Comment