Thursday 1 November 2012

මහනුවර නගරාධිපතිට නිල නිවසින් වහා ඉවත්වන්නැයි අනතුරු අඟවයි

මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්ත මහතාට සිය නිල නිවසින් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී තිබේ. ඔහුගේ නිල නිවසට ඉහළින් පිහිටා ඇති කන්දෙහි ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇතැයි අප වාර්තාකරු පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර කාර්යාලයේ ප්‍රධානී එම්.අයි.ඩී.එච්. විජේවික්‍රම මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ. මහනුවර, රජපීල්ල මාවතේ පිහිටි නගරාධිපතිවරයාගේ නිල නිවසට 2008 වර්ෂයේදී ද මේ ආකාරයෙන් ගල් පෙරළීම හේතුවෙන් හානි සිදුවී ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment